ලිය තඹරා

 


මල් දුනු ඇස් බැම්ම    අරා 

නෙත'ග සරින් සිත     අඹරා 

මග රවටන හට       බඹරා

කුසුම නුඹද   ලිය       තඹරා 


කල්පයකට වරක්      පතා

ගිරි මුදුනක පිපුණු     ලතා

මනස බමන පෙළන    ඉතා 

පුසුඹ  සැකයි         නාරිලතා


සලෙළු මතින් මත්        පවනා

ලෙළෙනා සළු පෙති      හඹනා

සුවඳැති සිය ගව්          හමනා

මනකල් කුසුමකි        සොබනා 


ගව් සියයක් දුර      කුටියේ

හදට සුවඳ පිවිස        ගියේ

මනස පෙරළි කරන     ලියේ

නිසි'න් දැහැන් බිඳී         ගියේ


හිරි    වැටුණු  දෙපා දෙයි රිදුම්            පුරා

නුඹ   සොයන්   කෙලෙස ගිරි මුදුන්    සරා

ලල'සින්  මත්  මා   හද                 නොමරා 

පෙති  හකුළා   ගන්                     ලිය තඹරා



Comments

Popular Posts