මීරා
පැමිණෙන්න මීරා පැමිණෙන්න
බාන්සුරි වයන්නා නුඹ එනතුරු මඟ බලා හිඳී
නුඹ පිය මනින මාවත දුෂ්කරය
දුක් ගැහැට කම්කටොලු එමටය
නමුදු
නොසැලෙන්න මීරා නොසැලෙන්න
කමල නයනැත්තා නුඹ එනතුරු මග බලා හිඳී
මග සොයන්නා නුඹ නම්
මාර්ගය ඔහුමය
මේ වෘතාන්තය ඔහුගේම රචනයකි
පැමිණෙන්න මීරා පැමිණෙන්න
මන මෝහන ගො'පාල නුඹ එනතුරු මග බලා හිඳී
Comments
Post a Comment