සඳ රැස් වැටි යාමය
පුරා සඳ රැස සසල ගඟ දිය
උදුල සෙවණැලි මවන රෑ යාමේ
හබල පහරින් සලිත දිය හද සසලවන යාමේ
වසා තද කර අගුල ලන ලද
දෙව් මැදුර දොර විවර කර ගෙන
නුඹ ඒවිදෝ ප්‍රේමේ
නුඹේ වරලස ඔප කරන ලෙස
රෝස කැකුළක් පිබිදේවිදෝ සෙනෙහේ
රැය සිසාරා හමන නල රළ කලතවයි සිහිනේ
වසා තද කර අගුල ලන ලද
දෙව් මැදුර දොර විවර කර ගෙන
නුඹ ඒවිදෝ ප්‍රේමේ
Inspired by Shyam Singha Roy 2021
Comments
Post a Comment